Neluwa Doowili Falls

Doowili Falls is the most famous of the group of falls found in the Sinharaja Forest Reserve. The dust-like spray of the cascading water envelops the area and gave rise to its name ('duli' meaning dust). The fall is 17m in height and 1m wide. The surrounding area has been subject to land fragmentation due to tea plantations, resulting in the depletion of the water table. Locals who litter the ground with polythene bags and glass items cause further environmental problems. In March 2002, a study into the feasibility of using the fall to provide electricity was carried out. It was found that a megawatt (MW) of electricity could be harnessed without endangering the environment. At the Environmental Committee meeting of the Galle District PC, held in mid-2002, it was decided to seek approval to go ahead with the scheme from the authorities and bodies concerned. Further feasibility reports are also being obtained.

The fall is situated near the Sinhavali Tea Factory at the edge of the Sinharaja Forest Reserve, 6km from Neluwa. Take the Pelawatte road from Neluwa for 0.5km and then turn onto the Mawatia-Kosmulla road.

Monday 8 March 2010

Sri LankaWater Fall (Neluwa Duli Ella )





අතිශය සුන්දරත්වයෙන් යුක්තය සිත නිවන තෝතැන්නක් වන මේ සුවිශේෂි ස්ථානය නෙළුවේ දූලි ඇල්ල පාමුලයි. නෙළුව කොස්මුල්ල මාර්ගයේ කොස්මුල්ලේ එය පිහිටා තිබෙන්නෙ නෙළුව ප්රාදේශීය සභාව මගින් පාලනය වන මෙහි උස මීටර් 17 ක් පමණ වේ යැයි ගණන් බලා තිබෙනවා. ඉහළින් එක ඇල්ලක් කඩා හැලෙන අයුරුත් පහළින් අනෙක් ඇල්ල කඩා වැටෙන අයුරුත් බලන විට එය අතිශය සුන්දරත්වයෙන් යුක්තය. එය පහළම ඇති ජල තටාක දෙක නිසා ඇල්ලේ සුවිශේෂත්වය ඉහළ මට්ටමක තිබෙනවා. කොටස් 7 යුත් දිය ඇල්ලේ මැද කොටසට ගියවිට දක්නට ලැබෙන දර්ශනය අතිසුන්දරයි. මෙම ජල තටාක දෙකෙන් එකක උපරිම ගැඹුර අඩි 7 කි. අනෙක් ජල තටාකයේ වැඩිම ගැඹුර අඩි 4.5 කි. එහි පුංචි දරුවන්ට වුවද බියෙන් තොරව නෑමට පුළුවන්. ඇල්ලේ ඉහළට නැඟ ඈතට ඇවිදීමෙන් සිංහරාජයට ඇතුළුවී රත්නපුරයට පවා යාමට හැකිය ඇල්ල ඉහළ ප්රදේශයේත් බලන්න තියෙන දේ එමටයි. දෙබෑ ගල්ලෙන, අලියා පිටගාන ගල, සිද්දරා ගල්ලෙන මේ ප්රදේශයේ තියෙනවා. ඊට අමතරව මේ ඇල්ල ඉහළ පෙදෙසේ ආරණ්ය සේනාසනයක් ද තියනවා (සිංහරාජ ආරණ්ය සේනාසනය) දූලි ඇල්ලේ සුන්දරත්වයෙන් දැක බලා ගැනීමට මේ දූලි ඇල්ල නරඹන්නට ඔබටත් නෙළුව කොස්මුල්ල මාර්ගයේ කොස්මුල්ලට එන්න අප ආරාධනා කරනවා. ගමන් මාර්ගය - කොළඹ හොරණ මතුගම පැලවත්ත හරහා නෙළුවට පැමිණ ආමි පාලම ළඟින් කොස්මුල්ල පාරට හැරී කිලෝමීටර් 7 ක් කොස්මුල්ලට ගිය විට මෙම දූලි ඇල්ල නැරඹීමට පුළුවන්. ගාල්ලේ සිට නෙළුවට පැමිණ කොස්මුල්ල මාර්ගයේ පැමිණෙන විටත් මේ දිය ඇල්ල දැක ගැනීමට පුළුවන්. දෙණියාය හරහා මොරවකට පැමිණ නෙළුව හරහා කොස්මුල්ලට මාර්ගයේ කිලෝමීටර් 7 ක් පැමිණුනු විට ද මෙම දිය ඇල්ල බලන්න පුළුවන්. අවට සුන්දරත්වයත් රස විඳිමින් මේ දියඇල්ලද නරඹා ඡායාරූප හැර අන් කිසිවක් නොගෙන, පා සලකුණු හැර අන් කිසිවක් නොතබා ආපසු පැමිණෙන ලෙස neluwa dj අපි ඔබෙන් ඉල්ලනවා